නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නුවරඑළිය බටහිර වසමේ ජනතාව වෙත ගෙවතු වගාව ප්‍රචලිත කිරීම හා ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම පිලිබඳ විශේෂ වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විය.
පවතින ආර්ථික දුෂ්කරතාවන් හමුවේ ජනතාව ට අවශ්‍ය ආහාර වර්ග , එලවලු වගා කිරීම සඳහා ගෙවතු වගා ඇති කිරීම සහ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම පිලිබඳව දැනුවත් කිරීම මෙහිදි සිදු විය.
ගෙවතු වගාව ට අවශ්‍ය බීජ, පැල ඇතුලු රෝපණ ද්‍රව්‍ය ජනතාව වෙත පරිත්‍යාග කිරීම ද මෙහිදි සිදු විය.
මෙම අවස්ථාවට නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් විදුර සම්පත් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූ හ.




















