" තිරසාර අනාගතය සදහා ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාවය වෙනුවෙන් අද දින කැපවෙමු" තේමාව යටතේ මාර්තු අටවන දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සමගාමිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මගින් සංවිධානය කල කාන්තා දින සැමරුමක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේදී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් එස්.ඊ.ස්කොක් මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී සහභාගී වුහ.
කාන්තා අයිතිවාසිකම් හමුවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යභාරය පිලිබදව මෙහිදී මුලික වශයෙන් දැනුවත් කල අතර පැමිණ සිටි කාන්තාවන් හා මානව හිමකම් කොමිසන් සභාවේ නිලධාරීන් අතර සාකච්ඡා වටයක්ද පැවැත්විණ.
මෙම අවස්ථාවට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය,නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා ශ්‍රීලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ කොමසාරිස්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.




















