https://www.facebook.com/watch/?v=894172084871597


නුවරඑළිය නගරයට පිවිසෙන මාර්ග දෙපස අලංකරණය කිරීම සඳහා වූ වැඩ සටහනේ ආරම්භක උත්සවය වනජීවි සහ වන සම්පත් අමාත්‍ය සී බී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මහ නුවර නුවරඑළිය පාරේ රම්බොඩ උමං මාර්ගය අසලදි ආරම්භ විය.
මෙම මාර්ග අලංකරන ව්‍යාපෘතිය යටතේ පේරාදෙණිය චෙන්කලඩි ඒ 05 මාර්ගයේ නුවරඑළිය දිස්ත්‍රික් පිවිසුම වන කොත්මලේ නව කඩදොර කළු පාලම අසල සිට නුවරඑළිය නගරය දක්වා අලාකරණය කිරීමට සැලසුම් කර ඇත.
සංචාරක ආකර්ෂණය වැඩිදියුණු කිරීම මූලික කරගත් මෙම වැඩසටහන යටතේ පිවිසුම් මාර්ගය දෙපස ප්‍රදේශයට ආවේණික අලංකාර ගස් සහ මල් පැල වර්ග සිටුවා එම රෝපණයන් නඩත්තු කිරීමට හා ආරක්ෂා කිරීමට කටයුතු යෙදීමටත්, දිය ඇලි අසල සෞඛ්යාරක්ෂිත ආහාර කුටි හා ආවේණික වෙළඳ භාණ්ඩ කුටි ඉදිකිරීමටත් නියමිතය. එසේම මාර්ගය දෙපස ඇති අවිධිමත් එළවළු වෙළඳ සැල් සඳහා එකම සැලැස්මකට අනුව ආකර්ෂණීය වෙළෙඳ කුටි ඉදි කරවා දීමටත් සැලසුම් කර තිබේ. කාබනික එළවළු අලෙවිසැල් ස්ථාපිත කිරීමටත්, මාර්ගය දෙපස ආකර්ෂණීය ස්ථාන නවීකරණය කිරීමටත් මෙම වැඩසටහන යටතේ සිදු කිරීමට නියමිතය.
සමාරම්භය සනිටුහන් කිරීම වෙනුවෙන් මෙහිදි අමාත්‍ය අමාත්‍ය සී බී රත්නායක මහතා සහ දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා විසින් පැල රෝපණය කිරීමක් ද සිදු කලේය.
ඉන් අනතුරුව කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන සහ ජනතාවගේ සහභාගිත්වයේ මාර්ගය මාර්ග දෙපස පිරිසිදු කිරීම සහ අලංකරණ පැල රෝපණය කිරීමක් සිදු විය.
මෙයට සමගාමිව නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මාර්ග කොටසේ ශ්‍රමදාන ව්‍යාපාරය නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් විදුර සම්පත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.
මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට කොත්මලේ ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමා ප්රමුඛ මහජන නියෝජිතයින් සහ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් සුරංගි පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වුහ.
-දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය නුවරඑළිය












