පුවත් සහ සිදුවීම්

https://www.facebook.com/watch/?v=894172084871597

 

239913229 841018449928279 4122201435270605976 n 240134981 841021423261315 474202828286068903 n 240458546 841021313261326 6836714386326047568 n 240591328 841021259927998 4267629483978179471 n 240601955 841021343261323 516018371713614722 n 240731967 841021439927980 7212044022088315524 n 241193182 841018416594949 5614722904761933090 n241257693 841020959928028 4453835389788909627 n 241360852 841018339928290 4583401543756233838 n 241374313 841020899928034 3529560692947686396 n 241502156 841021489927975 2590685839222664710 n 241503995 841018376594953 2758897065920195905 n 244441462 841017803261677 4317010555814491801 n 244441045 841017983261659 3206672170342061211 n 241093674 841021219928002 6559688903703870626 n

නුවරඑළිය නගරයට පිවිසෙන මාර්ග දෙපස අලංකරණය කිරීම සඳහා වූ වැඩ සටහනේ ආරම්භක උත්සවය වනජීවි සහ වන සම්පත් අමාත්‍ය සී බී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මහ නුවර නුවරඑළිය පාරේ රම්බොඩ උමං මාර්ගය අසලදි ආරම්භ විය.
මෙම මාර්ග අලංකරන ව්‍යාපෘතිය යටතේ පේරාදෙණිය චෙන්කලඩි ඒ 05 මාර්ගයේ නුවරඑළිය දිස්ත්‍රික් පිවිසුම වන කොත්මලේ නව කඩදොර කළු පාලම අසල සිට නුවරඑළිය නගරය දක්වා අලාකරණය කිරීමට සැලසුම් කර ඇත.

සංචාරක ආකර්ෂණය වැඩිදියුණු කිරීම මූලික කරගත් මෙම වැඩසටහන යටතේ පිවිසුම් මාර්ගය දෙපස ප්‍රදේශයට ආවේණික අලංකාර ගස් සහ මල් පැල වර්ග සිටුවා එම රෝපණයන් නඩත්තු කිරීමට හා ආරක්ෂා කිරීමට කටයුතු යෙදීමටත්, දිය ඇලි අසල සෞඛ්‍යාරක්ෂිත ආහාර කුටි හා ආවේණික වෙළඳ භාණ්ඩ කුටි ඉදිකිරීමටත් නියමිතය. එසේම මාර්ගය දෙපස ඇති අවිධිමත් එළවළු වෙළඳ සැල් සඳහා එකම සැලැස්මකට අනුව ආකර්ෂණීය වෙළෙඳ කුටි ඉදි කරවා දීමටත් සැලසුම් කර තිබේ. කාබනික එළවළු අලෙවිසැල් ස්ථාපිත කිරීමටත්, මාර්ගය දෙපස ආකර්ෂණීය ස්ථාන නවීකරණය කිරීමටත් මෙම වැඩසටහන යටතේ සිදු කිරීමට නියමිතය.
සමාරම්භය සනිටුහන් කිරීම වෙනුවෙන් මෙහිදි අමාත්‍ය අමාත්‍ය සී බී රත්නායක මහතා සහ දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා විසින් පැල රෝපණය කිරීමක් ද සිදු කලේය.
ඉන් අනතුරුව කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන සහ ජනතාවගේ සහභාගිත්වයේ මාර්ගය මාර්ග දෙපස පිරිසිදු කිරීම සහ අලංකරණ පැල රෝපණය කිරීමක් සිදු විය.
මෙයට සමගාමිව නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මාර්ග කොටසේ ශ්‍රමදාන ව්‍යාපාරය නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් විදුර සම්පත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.
මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට කොත්මලේ ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමා ප්‍රමුඛ මහජන නියෝජිතයින් සහ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් සුරංගි පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වුහ.


-දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය නුවරඑළිය