Featured News

2022/2023 ශ්‍රීපාද වන්දනා සමය අද දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ විය.
පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ සිට ශ්‍රීපාදස්ථානයට වැඩම කර වු ශ්‍රී සුමන සමන් දිව්‍ය රාජයාණන්ගේ දේව ආභරණ රැගත් පෙරහැර පිලිගැනීමේ උත්සවය, මධ්‍යම පලාත සහ සබරගමුව යාකෙරෙන යටිබේරිය වාහල්කඩ තොරණ අභියස දි පැවැත්විණ.
දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ මගපෙන්වීම මත අඹගමුව කෝරළය ප්‍රාදේශීය ලේකම් සිතාරා ගමගේ මහත්මිය ඇතුළු නිලධාරීන් සහ ගම්වාසීන් විසින් මෙම පිලිගැනීමේ උත්සවය සංවිධානය කර තිබිණ.
ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජීවන් තොන්ඩමන්, මරදපාඩි රාමෙශ්වරන් යන මහත්වරුන් ඇතුළුව ප්‍රදේශවාසි බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණ.

318432044 459659846330677 5596921297599023063 n

318433839 458930339736961 5334936680322977487 n

318437221 458930446403617 2527302473266607422 n

318451845 459659902997338 2925388340498884795 n

318475496 458930516403610 4319081283724926911 n

318475496 458930516403610 4319081283724926911 n