2024-2025 ශ්‍රි පාද වන්දනා වාරයේදි නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ප්ලාස්ටික් වතුර බෝතල් අලෙවි කිරිම, රැගෙන යාම සහ දුම්කොළ මිශ්‍ර සුරුට්ටු අලෙවිය සපුරා තහනම් කිරිමට ශ්‍රි පාද කම්ටු රැස්විමේදි (05) දින තිරණය කල බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසිය.
ඌව විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු සහ රත්නපුර දිසා සංඝ නායක, ත්‍රිපිටකාචාර්ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ සහභාගිත්වයෙන් සහ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් (05) දින පස්වරුවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා නල්ලතන්නිය ග්‍රාමසේවා නිලධාරි කාර්යාල රැස්විම් ශාලාවේ පැවති කමිටු රැස්විමේදි මෙම තිරණය ගැණින.
මෙවර ශ්‍රි පාද වන්දනා සමයේදි නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ සීත ගගුලේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ධර්ම සුගන්දය මනුසත් සුභ සාධක පදනම මගින් වන්දනාකරුවන්ට නොමිලේ පානිය ජලය ලබාදිමට අවශ්‍ය කටයුතු මේ වන විට ගෙන ඇති බවද මෙහිදී අනාවරණය විය.
මේ අතර 2024-2025 ශ්‍රි පාද වන්දනා වාරය ලබන මස (14) දිනට යෙදෙන උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන බවත්, අවාරයේ පැලමඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව , දේව ආභරණ සහ පුජා භාණ්ඩ (13) දින අලුයම රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේ නල්ලතන්නිය දක්වා එක් පෙරහැරක්, රත්නපුර පලාබද්දල මාර්ගයේ එක් පෙරහැරක්, තවත් පෙරහැරක් කුරුවිට එරත්න මාර්ගය ඔස්සේ සහ අනෙක් පෙරහැර බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සේ වැඩම කිරිමට නියමිතය බවත්,
මාර්ග හතරක් ඔස්සේ වැඩම කරන සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව , දේව ආභරණ සහ පුජා භාණ්ඩ (14) දින ශ්‍රි පාද උඩ මළුව වෙත වැඩම විමෙන් අනතුරුව සිදු කරන ආගමික චාරිත්‍ර ගණනාවකින් පසු 2024-2025 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කරන බව ගෞතම ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු සහ රත්නපුර දිසා සංඝ නායක, ත්‍රිපිටකාචාර්ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසිය.
මෙම සාකච්ඡාවට අඹගමුව ප්‍රාදේශිය ලේකම් රුවනි සිතරා ගමගේ මහත්මිය, හැටන් පොලිස් කොට්ඨාශයේ සියළුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් රැසක් සහභාගි වුහ.

















