Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

"රටට ගලා එන විදේශ විනිමය වැඩිකිරීමට අපනයන සංවර්ධන විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන්ට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි". එතුමන් මේ අදහස් පල කලේ නුවරඑළිය දිස්ත්‍රික් "කෝපි අපනයන සැකසුම් ගම්මාන" වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් වෙළඳ අමාත්‍යංශය යටතේ පවතින ශ්‍රීලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අපනයන නිෂ්පාදන ගම්මාන වැඩසටහනේ කෝපි අපනයන සැකසුම් ගම්මාන පිහිටුවීමේ සමාරම්භක වැඩසටහන 2021 ජුලි මස 30 වන දින වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.
කෝපි නිෂ්පාදනය සදහා වැඩි විභවතාවයක් පවතින දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අපනයන වෙළඳපල සදහා සුදුසු නියමිත ප්‍රමිතීන්ට අනුකුල කොපි නිෂ්පාදනය ගම්මාන පිහිටුවීම මෙහි මුලික අරමුණයි.
නුවරඑළිය, මහනුවර, මාතලේ, කෑගල්ල සහ බදුල්ල දිස්ත්‍රික් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම "කෝපි අපනයන සැකසුම් ගම්මාන" වැඩසටහන තුල මුළු ප්‍රතිලාභීන් 1787කි. මේ යටතේ තෝරාගත් පවුල් සදහා ලක් පැරකුම් ප්‍රභේදයේ කෝපි පැල 495000ක් බෙදා දීමට නියමිතය. මෙම ගොවි පවුල් සමිති 16 වටා ඒකරාශී කර ඇත.ඒ අනුව 2025 වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 10ක අපේක්ෂිත අදායමක් ලබාගැනීම මෙහි අරමුණයි
ශ්‍රීලංකාවේ අපනයන භාණ්ඩ විවිධාංගිකරණය, වෙළඳපල විවිධාංගිකරණය, අපනයන නවීකරණය යන කරුණු ත්‍රිත්වය යටතේ කෝපි නිෂ්පාදන අපනයන ගම්මාන වැඩපිළිවෙල තුලින් හැකියාව ලැබන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.ලක් පැරකුම් කෝපි ප්‍රභේදය ජනතාව වෙත නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන ඇති බවත් වසර 7 ක කාලයක් තුල සරුසාර අස්වැන්නක් ලබාගැනීමට මෙම ප්‍රභේදයෙන් හැකියාව පවතින බවත් අමාත්‍ය වරයා පවසයි. නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිතව සෑම ග්‍රාමසේවා වසමක්ම ඉලක්ක්ක කරගෙන කෝපි අපනයනයට නිෂ්පාදන ගම්මාන 300ක් ආරම්භ කිරීමට සම්පුර්ණ ව්‍යාපෘති වාර්තාවක් කැඳවීමට තමන් සුදානම් බවත්, එතුලින් නුවරඑළිය දිස්ත්‍රික්කය විශාල අදායම උපදවන, සේවා නියුක්ති කරන අවස්ථාවන් ජනිත කරන, ජනතාවගේ ජීවන තත්වය උසස් කරන, රටට විදේශ විනිමය උපදවන ප්‍රබල දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමට හැකියාව ඇති බව එතුමා පවසයි.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය j.m සෙනවිරත්න මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ බෝධිමාන්න මහත්මිය, ඇතුළු දේශපාලන නියෝජිතයින් රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය

217705678 799215120775279 6792565421364614098 n 193339148 799215080775283 4600551054036654507 n 1 208822698 799214814108643 1546180149469351250 n

209585133 799215044108620 5897009510338397498 n 1 185372253 799214884108636 5831512686751546094 n 185523989 799215007441957 3457528838657807733 n

227617029 799214964108628 2300882594851571707 n 226186640 799214834108641 7613954144550946500 n 223101264 799214770775314 7475254539534566629 n

227934671 799215167441941 4407917284646758411 n 225305186 799215204108604 7365039603442504210 n 217394345 799214934108631 1270424348037939602 n

193909995 799214714108653 3826326588424663903 n