District Secretary

Mrs. R.A.D.T.N.Thennakoon
ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය
திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்
Divisional Secretariats Sinhala
රාජ්‍ය සේවා මධ්‍යස්ථාන
නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වේ..
නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2023 ජූලි 25 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම සකස් කිරීම සහ ක්‍රියාවට නැංවීම පිලිබදව ප්‍රගතිය විමසා බැලීම මෙහිදී මුලිකවම සිදුවු අතර සම්බන්ධීකරණ කමිටුවට ලැබෙන ලිපි සාකච්ඡා කිරීමද සිදුවිය.
මෙහිදී නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිතව විශ්වවිද්‍යාලයක් සහ කාර්මික විද්‍යාලයක් ස්ථාපනය කිරීමට අදාල සුදුසු භූමි ප්‍රදේශයක් සොයාබලන ලෙස කමිටු සම සභාපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේශ්වරන් මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ බෝධිමාන්න මහත්මිය, ප්‍රාදේශීය ලේකම්වරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.






විදේශ රැකියා පොළ 20 වැනිදා නුවරඑළියේදී.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ශ්රිී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව සංවිධානය කරන ලද විදේශ රැකියා පොළ මෙම මස 20 වන දින උදෑසන 10.00 සිට සවස 3.00 දක්වා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ චෝගම් ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත දිස්ත්‍රික් විදේශ රැකියා සම්බන්ධීකරණ අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය කරන අතර මධ්‍යම පළාත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අවශ්‍ය සම්බන්ධීකරණය ලබාදේ.
මෙහිදී රජයේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන මගින් තමන්ට හිමි රැකියා අවස්ථාවන් සදහා අවශ්‍ය පුද්ගලයන් තෝරාගැනීම සිදු කරනු ලබයි.වැඩි විස්තර සදහා දිස්ත්‍රික් විදේශ රැකියා සම්බන්ධීකරණ නිලධාරී (0701511750 - නිරංජලා) අමතන්න.

Helping Nuwara Eliya වැඩසටහනින් වෛද්‍ය සායනයක්
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාවට නංවන Helping Nuwara Eliya වැඩසටහනට සමගාමිව ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලය මගින් කරන ලද අක්ෂි සායනයක් සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් වෙනුවෙන් සං
විධානය කරන ලද වෛද්‍ය සායනයක් 2023.06.07 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.
මෙම වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ බෝධිමාන්න මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වුහ .







තලවකැලේ නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතා අයිතියට
නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිපාලන කටයුතු සදහා විවෘත කිරීම ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.05.29 වන දින තලවකැලේ නගරයේ දී සිදුකෙරිණ .
කොටගල,තලවකැලේ,වටගොඩ,ලිඳුල,ඩයගම, ආගරපතන,බෝපත්තලාව, යන ප්‍රදේශවල ජනතාවට තම අවශ්‍යතා සඳහා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණීමේදී විවිධ දුෂ්කරතාවයන් රාශියකට මුහුණ පෑමට සිදුවිය. එම ගැටළුවලට විසඳුමක් වශයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හා සීමා නිර්ණය කමිටුවේ නිර්දේශයන්ට අනුව පරිපාලන පහසුව සදහා 2021.12 මාසයේ සිට තලවකැලේ උප කාර්යාලය පිහිටුවා තිබු අතර එය 2023.05.29 දින සිට නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙස ස්ථාපනය කරන ලදී. නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත්ව තිබු ග්‍රාම සේවා වසම් 72 න් 34 ක් මෙයට අයත්ය.
මෙම විවෘත කිරීමේ උත්සවයට සදහා නුවරඑළීය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාන්ඩී රාමේෂ්වරන් මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් නන්දන ගලබඩ මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.

























