Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

පවත්නා කොවිඩ් 19 වසංගතය තත්ත්වය හමුවේ රටේ නිරෝධායන ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ  ආදායම් මාර්ග අහිමි වූ සහ අඩු ආදායම්ලාභී පවුල් 73821 ක් සඳහා  රුපියල් 2000ක දීමනාව ලබාදීම සිදුකිරීම ආරම්භ කර ඇති බව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි

දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා අද (25) දින මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කලේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් නුවරඑළිය, හගුරන්කෙත, වලපනේ, කොත්මලේ සහ අඹලමුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ග්‍රාමිය කමිටු මගින්  මෙම පිරිස තොරාගන ඇති බවත් ඒ සඳහා රුපියල් මිලියන 140 ක මුදලක් රජය විසින් වෙන්කර ඇති බවත්ය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කඩිනමින් මෙම මුදල් බෙදිම සඳහා වසම් භාර රාජ්‍ය නිධාරින් හට උපදෙස් ලබා දි ඇතැයි ද   දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් පැවසීය

239892509 179534077602902 3271105325629602394 n