Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ඉදිරි වගා කන්නයන්ට අවශ්‍ය කාබනික පොහොර නිසි ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදනය කිරීම සදහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන ලෙස දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා දිස්ත්‍රික්කයේ කෘෂි නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශ්‍රවණාගාරයේ 2021.10.12 පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට එක්වෙමින්
දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කර සිටියේ සමස්ත දිස්ත්‍රික්කයේ වගාවන්ට අවශ්‍ය කාබනික පොහොර අවශ්‍යතාවය සහ දිස්ත්‍රික්කය තුල නිෂ්පාදනය කළහැකි ප්‍රමාණයන් පිලිබදව වහාම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව දැනුවත් කරන ලෙසයි.
කාබනික පොහොර නිෂ්පාදනය පිලිබදව ගොවි ජනතාවට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසත්, ප්‍රාදේශීය මට්ටමින් කාබනික වගා ආදර්ශ සිදුකර එතුලින් ගොවි මහත්ම මහත්මීන් වෙත අවශ්‍ය මගපෙන්වීම් සිදුකරන ලෙසත් මෙහිදී ලේකම්වරයා නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලදී.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ බෝධිමාන්න මහත්මිය, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්,ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී විය.

-දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - නුවරඑළිය

 

240531245 843700652993392 9066657362812745824 n240585590 843700902993367 6837391027279536921 n

241351888 843700782993379 8004314692150883964 n241192483 843700802993377 5655128543475997173 n241096515 843700739660050 9113951326758634424 n