Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

වලපනේ ප්‍රා‌දේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි ඉඩම් සඳහා නිත්‍යානුකූල බලපත්‍ර හිමිකමක් නොමැතිව සිටි පවුල් සඳහා ඉඩම් බලපත්‍ර ප්‍රදානය කිරීම වන ජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සී. බී. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණ.
වලපනේ ප්‍රා‌දේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් 8ක පුද්ගලයන් 60 දෙනෙකු සඳහා මෙහිදි ඉඩම් බලපත්‍ර ප්‍රදානය කිරීම සිදුවිය.
මෙම අවස්ථාවට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජීවා බෝධිමාන්න, වලපනේ ප්‍රාදේශීය ලේකම් රජීව විජේසිංහ යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක්සහභාගි වුහ.

 - දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය - නුවරඑළිය.

 

240593097 838693116827479 8092724779606060019 n 240597424 838693146827476 7768926956048488495 n

 241332386 838693096827481 5889809591020823968 n