Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්ධනය ට සහය දුන් සැමට ස්තුතියි.
-------------------------------------------------------------------------------------------
- නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ පැවසීය.

242441963 847449885951802 3818611666174540396 n

241544845 847449959285128 2939126579518229893 n 242381711 847450225951768 4645300445054920211 n


සෞඛ්‍ය අංශ සමග සම්බන්දව අනිකුත් ආයතන සිදුකල සේවාව හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අද වන විට කොවිඩ් රෝගින් වාර්තා වීම අඩු මට්ටමක පවතින බවත්, මෙම රෝගය මර්ධනය කිරීම සඳහා එන්නත්කරනය ඇතුළු කටයුතු සාර්තක කරගැනීමට සහය දුන් සැමට සිය ස්තුතිය පුද කරන බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ පැවසීය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලීය ආශ්චර්ය ශාලාවේදී පසුගිය දා පැවැති දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වීම වැලැක්වීමේ දිස්ත්‍රික් කමිටුවට එක්වෙමින් දිස්ත්‍රික් ලේකම් වරයා මෙම අදහස් පැවසීය.
දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්ධන එන්නත්කරන වැඩ සටහන සාර්තකව සිදුකර ඇති බවත්, පාසල් ළමුන් සහ වයස අවුරුදු 20 අඩු ජනගහනය එන්නත්කරනය ඉදිරියේ ලැබෙන උපදෙස් පරිදි සිදු කරණ බවත් මෙහිදි අනාවරණය විය.
මෙම අවස්ථාවට නුවරඑළිය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්. මනතුංග මහතා ප්‍රමුඛ සෞඛ්‍ය අංශ නිලධාරින්, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු, රාජ්‍ය ආයතන ප්‍රධානින්, ආරක්ෂක අංශ ප්‍රධානින්, ඇතුළු පිරිසක් එක්ව සිටිහ.


 - දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - නුවරඑළිය

 

241192250 847449792618478 7999445944284857050 n 245816133 847450092618448 4808568029606255642 n 246674274 847450025951788 4224792315196269309 n