අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යටතේ ඇති නෝර්වුඩ් සමෘද්ධි බැංකුව මඟින් සංවිධානය කරන සමාජ සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ ස්වයං රැකියා වල නියුතු තරුණ තරුණියන් වෙත අවශ්‍ය උපකරණ සහ මහන මැෂින් ප්‍රදානය කිරීම රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණ.
මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.
















