Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ඔක්ස්ෆාම් පෞද්ගලික ආයතනයේ සහයෝගීතාවයෙන් රුපියල් මිලියන 4.5ක වියදමින් ඉදිකරන ලද තලවකැලේ ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද පශූ වෛද්‍ය රසායනාගාරය ජන අයිතියට පත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (23) සිදුවිය.
තලවකැලේ කිරි ගව පාලනය, වඩා කාර්යක්ෂම අයුරින් සිදුකිරීම සදහා මෙම නව රසායනාගාරය භාවිතා කිරීමට නියමිතව ඇති අතර, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිස්ත්‍රීක් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ආ.ර් ඒ ජේ යූ මාරපන මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, ලංකාවේ කිරි නිෂ්පාදනයට ඉහලම දායකත්වයක් දරන නුවරඑලිය දිස්ත්‍රික්කය තුල දිනකට කිරි ලීටර දෙලක්ෂ දස දහසක ප්‍රමාණයක කිරි අස්වැන්නක් ලැබෙන බවත්, ගොවීන්ගේ දැනුම වැඩිකිරීම , පහසුකම් වර්ධනය කොට එමගින් කිරි නිෂ්පාදනය වැඩි කිරීම සදහා කටයුතු කළ යුතු බවත්, එළදෙනුන් සදහා ආහාර හා පෝෂක සුලබ කිරීමත්, ජංගම රෝග විනිශ්චය සායනවල අවශ්‍යතාව, රෝගී සතුන් සදහා ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය විද්‍යාගාර පහසුකම් සැපයීම වැනි කරුණු අවධානය කොට ඇති බවත් මෙම ක්ෂේත්‍රය ප්‍රවර්ධනය වෙනුවෙන් ඔක්ස්ෆාම් ආයතනයෙන් ලද සහාය අගය කරන බවත්ය.
මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍ය දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය තුල රට තුල කිරි නිෂ්පාදනය ඉහල නැංවීම සම්බන්ධයෙන් සහ ඒ ඔස්සේ දේශීය ආර්ථිකය සවිමත් කිරීම වෙනුවෙන් වන අවශ්‍යතාවය හදුනාගෙන ඇති බවත්, එම අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා නන් අයුරින් සහාය වු සියලු දෙනාට තමාගේ ස්තූතිය පළ කර සිටින බවත් ය. නව රසායනාගාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම මහතා සදහන් කර සිටියේ යුරෝපා ශ්‍රී ලංකා සංවර්ධන සහයෝගිතාවය යටතේ ඔක්ස්ෆාම් ආයතනය මගින් මධ්‍යම පළාතේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම උදෙසා ලබා දෙනු ලබන සහාය අගය කර සිටින බවත් නව රසායානාගාරය භාවිතයෙන් වඩාත් කාර්යක්ෂම අයුරින් සත්ත්ව පාලන කටයුතු සිදුකිරීම සදහා අවකාශ සැලසෙන බවයි.
විදේශයන්ගෙන් අප රටට පැමිණි නොයෙක් අකාරයේ වස - විස හෝ ගුණත්වයෙන් ‍තොර ආහාර පරිභෝජනයෙන් මිදි නැවත පෙර පැවති ආහාර රටාවට අනුගතව රසායනිකයන් එක් කොට සකස් කරනු ලබන ආහාර වෙනුවට දේශීය ආහාර ආදේශ කළ යුතු කාලය එළඹ ඇති බවත් එම මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියයේය.
මෙම අවස්ථාව සදහා ලිදුල ප්‍රාදේශීය සභාවේ සභාපති (වැ. බ) භාරතී දාසන් මහතා ඇතුළු මහජන නියෝජිතයින්, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මධ්‍යම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිළධාරී එස්.බී.රත්නායක,පළාත් කෘෂිකර්ම ලේකම් සුජාතා විජේසිංහ, ඔක්ස්ෆාම් ආයතනයේ තිලක් කරුණාරත්න ඇතුළු එම ආයතනයේ සමාජිකයින් ඇතුලු පිරිසක් ද එක් ව සිටියේය.

 

269859059 219289070367757 4219455407685878012 n

269821980 219289137034417 7645997333145844340 n 269746426 219289100367754 6281351685604546164 n 268801908 219289117034419 7979074787942408017 n 

270014091 219289243701073 5465497738508669702 n 269848110 219289197034411 2838180288282035800 n 269746426 219289100367754 6281351685604546164 n