Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

කොවිඩ් වසංගතය හමුවේ රටට ඇතිවු අභියෝග ජයගනිමින්, දිස්ත්‍රික්කයේ සමස්ත ජනතාට යහපත සැලසීම අරමුණු කරගනිමින් කටයුතු කිරීම රාජ්‍ය සේවකයන්ගේ වගකීම බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසීය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2022 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට අද (3) දින එක්වෙමින් දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පැවසිය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව වසරේ රාජකාරි ආරම්භ කිරීමේ නිල උත්සවය සෞඛාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පැවැත්විනි.
ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ඵලදායි පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, ගුණගරුක, විනය ගරුක සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම යන අරමුණු ජය ගැනීම සඳහා වන ප්‍රතිඥාව ලබා දීම සිදු කෙරිණි. ඉන් අනතුරුව කාර්යාල පරිශ්‍රයේ කිරී ඉතිරවීම සහ සර්ව ආගමික වතාවත් සිදුකිරිම සිදුවිය.

මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජිවා ‌බෝධිමාන්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) විජිතා මයාදුන්න යන මහත්මින් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය සහභාගි වී සිටියහ.