Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

නුවරඑළිය දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.03.24 වන දින මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්විණ.
මෙවර යල කන්නයේ වී වගාවට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය සහ ඒවා ලබාදිය යුතු කාල සිමාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කල අතර නියමිත කාලයට අවශ්‍ය තරම් කාබනික පොහොර දිස්ත්‍රික්කය පුරා බෙදා හැරීමට හැකි බව කෘෂි නිලධාරීන් මෙහිදී දිස්ත්‍රික් ලේකම්තුමන් වෙත දැනුම් දුන්හ.
දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික තොරතුරු පද්ධතිය යාවත්කාලින කිරීමට දායකවීම සෑම නිලධාරියෙකුගේම වගකීමක් බව දිස්ත්‍රික් ලේකම්තුමන් අවධාරණය කළේය. එසේම භෝගවල වගා වපසරිය පිළිබද දත්ත ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් සමග ඉදිරියේදී සාකච්ඡා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දිස්ත්‍රික් ලේකම්තුමන් මෙහිදී කෘෂිකර්ම කමිටුවට දැනුම් දෙන ලදී.
කොත්මලේ සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් ලේකම් කොට්ඨාස තුල කරදමුංගු වගාවට වැඩි විභවයක් ඇති බැවින් ඒ සදහා සුදුසු වැඩපිළිවෙලක් සකසන ලෙස දිස්ත්‍රික් ලේකම්තුමන් මෙහිදී කෘෂි නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට නුවරඑළිය සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

277296869 281929480770382 5412935122177751818 n

277338488 281929430770387 8535923804538115468 n

277354633 281929507437046 4914352047519159355 n