Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

දශක තුනක කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර වසර 14ක් සපිරෙන අද දින (2023.05.18) , යුද්ධය වෙනුවෙන් ජීවිතය පුජා කල සහ ආබාධයන්ට ලක්වූ රණවිරුවන් සිහිපත් කිරීමේ සැමරුම් උත්සවයක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය සිංහ රෙජිමේන්තු කදවුරේදී පැවැත්විණ. නුවරඑළිය සිංහ රෙජිමේන්තු කදවුරේ පිහිටා ඇති රණවිරු සමරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව යුද්ධයේදී මියගිය රණවිරුවන් වෙනුවෙන් පිං පැමිණවීමද මෙහිදී සිදුකෙරිණ.
මෙම අවස්ථාවට ගෞරවණිය මහා සංඝ රත්නය ප්‍රමුඛ අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ බෝධිමන්න මහත්මිය. නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් දනන්සුරිය මහතා,පිදුරුතලාගල ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරී ගෘප් කපිතාන් MHMDCK බණ්ඩාර මහතා, ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුවේ තුන්වන බළඇණියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් MRS බෝයගොඩ මහතා, සහකාර පොලිස් අධිකාරී ජයසුන්දර මහතා, ඇතුළුව යුද්ධයෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන් ගේ පවුල්වල දෙමාපියන්,බිරින්දෑවරු,දරුවන් ආරක්ෂක අංශ සාමාජික මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

347560602 1191382458224425 8231324758044025088 n