Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ නුවරඑළිය මහා නගර සභාව එක්ව සංවිධානය කළ නිදහස් දින සැමරුම් උත්සවයක් සහ රුක් රෝපණ වැඩසටහනක් අද නුවරඑළිය වික්ටෝරියා උද්‍යානයේදී දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.


දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කිරිම සිදුවිය.අනතුරුව ජයමංගල ගාථා ගායනා කිරීම ද සිදුවිය.


නිදහසේ විරුවන් සිහි කිරීම සඳහා විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවති අතර පැමිණ සිටි පිරිස පිළිගනු ලැබුවේ අතිරේක දිස්ත්‍රික් ලේකම් සහ නුවරඑළිය මහ නගර සභාවේ වැඩබලන නාගරික කොමසාරිස් සුජීවා බෝධිමාන්න මහත්මිය විසිනි.


අනතුරුව නිදහස් දින උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකළ දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා සඳහන් කලේ අතීතයේ රට තුළ තිබූ ස්වයංපෝෂිත භාවය ඇති කිරීම සඳහා සෑම දෙනා එක්ව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවය.


සංස්කෘතික අංග කිහිපයකින්ද සමන්විත මෙම නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව වික්ටෝරියා උද්‍යානයේ ඖෂධ පැල රෝපණය කිරීමේ වැඩසටහනක්ද පැමිණ සිටි පිරිසගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙම අවස්ථාවට නුවරඑළිය ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.
නුවරඑළිය.

 

WhatsApp Image 2024 02 04 at 1.02.28 PM

WhatsApp Image 2024 02 04 at 1.02.40 PM

WhatsApp Image 2024 02 04 at 1.02.42 PM 1

WhatsApp Image 2024 02 04 at 1.02.41 PM

WhatsApp Image 2024 02 04 at 1.02.41 PM 1

WhatsApp Image 2024 02 04 at 1.02.42 PM

WhatsApp Image 2024 02 04 at 1.02.43 PM

WhatsApp Image 2024 02 04 at 1.02.44 PM

WhatsApp Image 2024 02 04 at 1.02.44 PM 1

WhatsApp Image 2024 02 04 at 1.03.49 PM

WhatsApp Image 2024 02 04 at 1.03.49 PM 1

WhatsApp Image 2024 02 04 at 1.03.50 PM