Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

මහ මැතිවරණ -2024
නුවරඑළිය දිස්ත්රික්කය.
ප්රවෘත්ති වාර්තා - 05
---------------------------------
2024 මහ මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්රික්කය වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17කට සහ
ස්වාධීන කන්ඩායම් 11 ක් සඳහා නාමයෝජනා හිමිවු බව නුවරඑළිය දිස්ත්රික් තේරීම් භාර නිලධාරි, දිසාපති නන්දන ගලබඩ මහතා පවසයි .
පාර්ලිමේන්තු මැතිවරණය සදහා අද දහවල් 12 අවසන් වන විට, නුවරඑළිය දිස්ත්රික්කය සදහා ,
ස්වාධීන කන්ඩායම් 15 ක් සහ පිළිගත් දේශපාලන පක්ෂ 20 ක් නාම යෝජනා පත්ර ලබා දීම සිදු විය.
ඉන් ස්වාධීන කන්ඩායම 04 ක් සහ ඊරෝස් ප්රජාතන්ත්රවාදී පෙරමුණ, ජාතික ජනතා පක්ෂය සහ අරුණලු ජනතා පෙරමුණ ඉදිරිපත් කල නාමයෝජනා පත්ර ප්රතික්ෂේප විය .
එ අනූව එලබෙන නොවැම්බර් මස 14 වන දින පාර්ලිමේන්තු මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්රික්කයෙන්, පිලිගත් දේශපාලන පක්ෂ වන
ජන අරගල සන්ධානය,
ජන සෙත පෙරමුණ,
සමාජවාදී සමනතා පක්ෂය,
දෙවන පරපුර,
ශ්රී ලංකා පොදුජන පෙරමුණ ,
සමගි ජනබල වේගය ,
ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ,
ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ,
සර්ව ජනබලය,
ජාතික ජනබලවේගය,
එක්සත් ප්රජාතන්ත්රවාදී හඩ,
ප්රජාතන්ත්රවාදී ජාතික සංධානය,
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ,
එක්සත් ජාතික පක්ෂය,
සමබිම පක්ෂය,
ද්රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ,
එක්සත් සමාජවාදී පක්ෂය යන පක්ෂ තරග කිරීමට නියමිත අතර ස්වාධීන කණ්ඩායම් 11ක් ද මැතිවරණය සඳහ ඉදිරිපත් වීමට සුදුසුකම් ලබා තිබේ.
දිස්ත්රික් මාධ්ය ඒකකය - නුවරඑළිය.
 
WhatsApp Image 2024 10 11 at 4.44.17 PM