Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව නුවරඑළිය දිස්ත්රික්කයේ නිල තැපැල් ඡන්ද පත්රිකා ඇතුලත් රක්ෂිත පැකට්ටු තැපැල් දෙපාර්තමේන්තුව වෙත නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කල බව නුවරඑළිය දිස්ත්රික් ලේකම් / තේරීම් භාර නිලධාරි නන්දන ගලබඩ මහතා පැවසීය.
දිස්ත්රික් ලේකම්වරයා තව දුරටත් සඳහන් කලේ මෙවර නුවරඑළිය දිස්ත්රික්කය සඳහා තැපැල් ඡන්ද දායකයන් 20502 ක් සුදුසුකම් ලබා ඇති බවය.
අද පෙරවරු 8.00 ට නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දි රාජ්ය නිලධාරීන්ගේ දායකත්වයෙන් ආරම්භ කල මෙම නිල තැපැල් ඡන්ද පත්රිකා නිකුත් කිරීම දවස පුරා සිදුය.
ඒ නුවරඑළිය දිස්ත්රික් තේරීම් භාරනිලධාරී නන්දන ගලබඩ මහතාගේ සහ සහකාර මැතිවරණ කොමසාරිස් ලහිරු කලුගම්පිටිය මහතාගේ අධීක්ෂණය යටතේය .
මෙම කටයුතු සඳහා තාවකාලිකව තැපැල් දෙපාර්තමේන්තුවට අයත් කාර්යාලයක්ද දිස්ත්රික් ලේකම් කාර්යාලය පරිශ්රයේ ස්ථාපිත කොට තිබිම විශේෂිතය.
දිස්ත්රික් මාධ්ය ඒකකය - නුවරඑළිය.
 
WhatsApp Image 2024 10 23 at 7.10.33 PM