Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

77 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව නුවරඑළිය දිස්ත්රික් සැමරුම් උත්සවය නුවරඑළිය දිස්ත්රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රි මංජුල සුරවීර ආරච්චි මහතාගේ ප්රධානත්වයෙන් අද (04) පෙරවරුවේ නුවරඑළිය වික්ටෝරියා උද්යානයේදී පැවැත්විණි.
පළමුව ජාතික ධජය ඔසවා ජාතික ගීය සහ ජය මංගල ගාථා ගායනා කිරීම පසු රණවිරුවන් ඇතුළුව දේශය වෙනුවෙන් දිවි කැප කළ සියලු දෙනා සැමරීම සදහා විනාඩි 02ක නිශ්ශබ්දතාවක් පැවැත්වීමෙන් අනතුරුව සර්ව ආගමික වතාවත් සිදු විය.
මෙහිදි අදහස් දැක්වු නුවරඑළිය දිස්ත්රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රි මංජුල සුරවීර ආරච්චි මහතා සදහන් කලේ අපට මිට වසර 77 කට පෙර ලැබුණු නිදහස සැබැ නිදහසක් වෙනුවෙන් පෙල ගැස්සිම සදහා උතුර, දකුණ,කදුකරය එකට එක්වු ජන වරමක් වර්තමාන ආණ්ඩුවට ලැබි ඇති බවය.
පුනරුද යුගයක් කරා රට ගෙන යන වැඩ පිළිවෙලේ ජනතා සැලැස්මේ ආරම්භය ලබන 17 දින අය වැය ඉදිරිපත් කිරීම මගින් සිදු කරන බවත් පැවසු සභාපතිවරයා තවදුරටත් සදහන් කලේ ශ්රී ලංකා මාතාව ලෝකයා ඉදිරියේ අභිමානවත්ව ඔසවා තැබිමේ වැඩ පිළිවෙලට සැමදෙනා එක්ව කටයුතු කල යුතු බවය.
නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතා විසින් රැස්ව සිටි පිරිස පිළිගැනීමෙන් අනතුරුව අධ්යාපන හා උසස් අධ්යාපන නියෝජ්ය අමාත්ය මධුර සෙනවිරත්න මහතා සහ පාර්ලිමේන්තු මන්ත්රි කලේයි චෙල්වි මහත්මිය විසින් නිදහස් දින සුබපැතුම් එක්කරන ලදි.
දේශාභිමානී සංස්කෘතිකංග රැසකින් සමන්විත වූ මෙම වැඩසටහනින් අනතුරුව වික්ටෝරියා උද්යානයේ රුක් රෝපණයක්ද පවත්වන ලදි.
මේ අවස්ථාවට රාජ්ය ආයතන ප්රධානීන්, ඇතුලු රාජ්ය නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ .
දිස්ත්රික් මාධ්ය ඒකකය - නුවරඑළිය.
 
1
 
2
 
3
 
4
 
5
 
6
 
 
7
 
8
 
9
 
10
 
11
 
12
 
13
 
14
 
15
 
16
 
17
 
18
 
19
 
20
 
21
 
22
 
23
 
24
 
25
 
26
 
27
 
28
 
29