Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

පසුගියදා ශැනන් වැලිඔය වත්ත( KM Division) වතු නිවාස පේලියක ඇති වූ හදිසි ගිනි ගැනීම් තත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් විසදුම් ලබා දීම අරමුණු කරගනිමින් නුවරඑළිය දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී මංජුල සුරවීර ආරච්චි මහතා ඇතුළු පිරිසක් 2025/03/06 වන දින එම ප්රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූහ.
2025/03/03 වන දින රාත්රී ඇති වූ මෙම හදිසි ගිනි ගැනීම් තත්වය හේතුවෙන් නිවාස 18 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර පවුල් 30ක පුද්ගලයින් 81 දෙනෙකක් අවතැන් වී ඇත.
මෙලෙස නිවාස අහිමි වූවන්ට ශැනන් වැලිඔය වත්ත ප්රදේශයේ ඉදිවන නිවාස 25කින් යුත් ඉන්දියානු නිවාස යෝජනා ක්රමයෙන් නිවාස ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු වූ අතර, ඒ සම්බන්ධයෙන් අවශ්ය ක්රියාමාර්ග ගන්නැයි කමිටු සභාපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ඉන්දියානු ආධාර යටතේ තවත් නිවාස 5000 ක් නුවරඑළිය දිස්ත්රික්කයට ලබා ගැනීමට අවශ්ය මැදිහත්වීම සිදු කරන බව මෙහිදී සභාපතිතුමා වැඩි දුරටත් ප්රකාශ කර සිටියේය.
මෙම නිරීක්ෂණ චාරිකාවකට නුවරඑළිය දිස්ත්රික් ලේකම්තුමිය, අතිරේක දිස්ත්රික් ලේකම්තුමිය(ඉඩම්) නෝර්වුඩ් ප්රාදේශීය ලේකම් තුමා, හැටන් පොලිස් අධිකාරි තුමා ,රාජ්ය වැවිලි භාර අරමුදලේ නියෝජිත මහත්ම මහත්මීන් රාජ්ය නිලධාරීන් හා වැලිඔය වත්ත වතු අධිකාරී ඇතුළු පිරිසක් සහභාගී වූහ.
1
 
2
 
3
 
4
 
5
 
6