Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

මෙවර ජාතික වෙසක් උත්ස­වය සියලු ජන­තාව සමඟ එක්ව පුරවැසියන්ගේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය වන පරිදි නුව­ර­එ­ළි­යේ දී පැවැ­ත්වී­මට කට­යුතු කරන බව බුද්ධ ශාසන හා සංස්කෘ­තික කට­යුතු ඇමැති හිනි­දුම සුනිල් සෙනෙවි මහතා පැවැ­සීය.
ජාතික වෙසක් උත්සවය පැවැත්වීමට අදාලව රාජ්‍ය නිලධාරින් ඇතුලු පිරිස දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (25) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය.
“භජේත මිත්තේ කල්යානේ“ – “කලණ මිතු­රන් ඇසුරු කරන්න“ යන්න තේමා කර ගනි­මින් මෙවර වෙසක් උත්ස­වය සංවි­ධාන කෙරේ.
නුව­ර­එ­ළියේ නගරය කේන්ද්‍ර කරගනිමින් මැයි මස 10 දින සිට පුරා 16 දින දක්වා පුරා සතියක කාලයක් නුවරඑළිය නගරය ප්‍රධානකොට දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ආමිස සහ ප්‍රතිපත්ති පූජා වලට මුල් තැන දෙමින් සිදු කිරීමට නියමිතය.
වෙසක් උත්ස­වය සංවිධානයට අදාලව ඒ ඒ කටයුතු සිදුකිරීම සම්බන්දව මෙහිදි සාකච්ඡා කිරීම සිදුවිය.
මෙම අවස්තාවට ශ්‍රී පාදස්තානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මධින නායක ස්වාමින් වහන්සේ, සමස්ත ලංකා ශාසසනාරක්ෂක මණ්ඩලයේ නායක හිමිපානන් වහන්සේලා ඇතුලු මහ සංඝරත්නය, බුද්ධ ශාසන හා සංස්කෘ­තික කට­යුතු ඇමැති හිනි­දුම සුනිල් සෙනෙවි මහතා ඇතුලු මැති ඇමතිවරුන්, බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.පි. රත්නායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටිහ.
 
1
2
3
4
5
6
7