Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

ශ්රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්ය වෙසක් උත්සවය සම්බන්ධවයන් දැනුවත් කිරීමේ නිල මාධය සාකච්ඡාවක් අද (03) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්රවණාගාරයේදී පැවැත්විණි.
“භජේත මිත්තේ කල්යානේ“ – “කලණ මිතු­රන් ඇසුරු කරන්න“ යන්න තේමා කර ගනි­මින් මෙවර ජාතික වෙසක් උත්සවය නුව­ර­එ­ළිය දි මැයි මස 10 දින සිට 16 දින දක්වා පුරා සතියක කාලයක් පැවැත්වීම ට සැලසුම් කර තිබේ.
නුවරඑළිය ජාත්යන්තර බෞද්ධ මාධ්යස්ථානය සහ නගර ශාලාව කේන්ද්රය කරගැනිමින් ප්රධාන උත්සවය මැයි මස 10 වන දින ජනාධිපතිතුමාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන අතර දිස්ත්රික්කයම ආවරණය වන පරිදි ආමිස සහ ප්රතිපත්ති පූජා වලට මුල් තැන දෙමින් සිදු කිරීමට නියමිතය.
මෙම මාධය සාකච්ඡාවට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්රධාන ලේඛකාධිකාරී පූජ්ය මුගුණුවවල
අනුරුද්ධ නායක ස්වාමීන්වහන්සේ නුවරඑළිය ප්රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්යකිරිඔරුවේ ධීරානන්ද ස්වාමීන්වහන්සේ, නුවරඑළිය දිස්ත්රික් ලේකම් / දිසාපති තුෂාරි තෙන්නකෝන් මහත්මිය, සහ බෞද්ධ කටයුු කෝමසාරිස් (සංවර්ධන) අසේල මධුසංඛ මහතා සහභාගී වුහ.
1