Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

ශ්රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්ය වෙසක් මහෝත්සවය අතිපූජ්ය ත්රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (10) නුවරඑළිය ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථාන විහාරස්ථානයේදී ආරම්භ විය.
“භජෙථ මිත්තෙ කල්යාණෙ භජෙථ පුරිසුත්තමෙ” (කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු) යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර රාජ්ය වෙසක් මහෝත්සවය මැයි මස 10 වන දා සිට 16 වන දා දක්වා නුවරඑළිය දිස්ත්රික්කය කේන්ද්ර කර ගනිමින් පැවැත්වෙ.
අතිපූජ්ය මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අනුශාසනා පරිදි, ජනාධිපති කාර්යාලය, අග්රාමාත්ය කාර්යාලය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මධ්යම පළාත් සභාව සහ නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලය එක්ව රාජ්ය වෙසක් මහෝත්සවය සංවිධානය කර තිබේ.
එමෙන්ම මැයි මස 10වන දින සිට 16වන දින දක්වා වෙසක් සතියක් ප්රකාශයට පත් කරමින් රජයේ ප්රතිපත්තිමය වැඩපිළිවෙළට අනුගතව ජනතාවගේ අධ්යාත්මික සංවර්ධනය ඇති කිරීම වෙනුවෙන් විවිධ බෞද්ධාගමික වැඩසටහන් සංවිධානය කර තිබෙන අතර මෙම කාල සීමාව තුළ නුවරඑළිය දිස්ත්රික්කයේ දැනට වැඩ නිම නොවූ විහාරස්ථානවල සංවර්ධන කටයුතු ත්රිවිධ හමුදාවේ සහාය ඇතිව අවසන් කිරීමටද පියවර ගෙන ඇත.
එසේම රාජ්ය වෙසක් මහෝත්සවයට සමගාමීව ජනතාව තුළ අධ්යාත්මික සංවර්ධනයක් සහ බෞද්ධාගමික ප්රබෝධයක් ඇති කිරීම වෙනුවෙන් “ක්ලීන් ශ්රී ලංකා” වැඩසටහන මගින්ද විශේෂ වැඩසටහන් රැසක් ක්රියාවට නංවා තිබෙන අතර බහු ආගමික සහ බහු සංස්කෘතික සමාජයක් සහිත නුවරඑළිය දිස්ත්රික්කය තුළ මෙවර රාජ්ය වෙසක් මහෝත්සවය සංවිධානය කිරීම විශේෂත්වයක්
2025 රාජ්ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීමද සිදු කෙරුණු අතර එහි පළමු සමරු මුද්දරය ජනාධිපතිවරයා වෙත මෙහිදී පිළිගැන්වීම සිදු විය.
එමෙන්ම, 2025 රාජ්ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් කොත්මලේ මලියදේව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කිරීමේ ශ්රී සන්නස් පත්රය පිළිගැන්වීම සහ කුරුණෑගල ශ්රී විෂ්ණු දේවාලය පූජා භූමියක් බවට පත් කිරීමේ සන්නස් පත්රය පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතිනුයි සිදු කෙරුණි.
1
2
3
4
5
6
7
8
910
11
12