Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

2025 රාජ්‍ය වෙසක් වැඩසටහනට සමගාමීව දේශීය ආහාර ප්‍රවර්ධනය කිරීම යටතේ "හෙළ රස දැක්ම" ප්‍රදර්ශනය හා වැඩසටහන හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහශ්‍රක ශාලාවේදී පසුගියදා පැවැත්විණ.
පාරම්පරික හෙළ ආහාර රටාව, ආයුර්වේදට අනුව යහපත් දිවි පැවැත්ම සහ පාරම්පරික ජන සංස්කෘය ඇතුළු අංශවලට අදාළව පැවැති මෙම වැඩසටහන මගින් පාසල් සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසකට දැනුම බෙදාදීම සිදු විය.
හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් වයි.එම්.ඒ.මිහිරාන් බණ්ඩාර මහතාගේ මගපෙන්වීම මත හඟුරන්කෙත ආයුර්වේද සංරක්ෂණ සභාව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් හඟුරන්කෙත කාර්යාලයේ මූලිකත්වයෙන් සිදු කල මෙම වැඩසටහන සඳහා හඟුරන්කෙත ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය කාර්යාලය, සිල් සුවඳයි හෙළ දිවියයි ජාතික සංවිධානය ඇතුළු ආයතන රැසක් සහයෝගය ලබාදි තිබුණි.
සමාජයෙන් ඇත්වි යන අපේකම නැවත ලගාකරගැනීමට මෙම වැඩසටහන මගින් හැකිවු බවත්, එය වෙසක් සැමරුමේ ඇතිවු විශේෂ පිංකමක් බවත් , එය සංවිධාන කල සැමට ප්‍රණාමය පුද කරන බව ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පිරිස සදහන් කරන ලදි.
මෙම වැඩසටහන සඳහා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්.ජී.රංජිත් විජේරත්න මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ.රත්නායක මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් මේ සඳහා සහභාගී විය.
1
2
3
4
5
6
7
8
9
10