Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

යහපත් රාජ්‍ය සේවයක් සදහා සැමදෙනා කැපවෙන්න..

දිස්ත්‍රික් අභ්‍යන්තර කටයුතු ඒකකය විවෘත කිරීමේ අවස්තාවට එක්වෙමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් පවසයි.

===================
යහපත් රාජ්‍ය සේවයක් පවත්වාගනිමින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම සදහා සැමදෙනාම කැපවිය යුතු බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරී තෙන්නකෝන් මහත්මිය පැවසීය.
දිස්ත්‍රික් ලේකම්වරිය තව දුරටත් පෙන්ව දුන්නේ ජනතාවට තම සේවා ඉටුකර ගැනීමදී යම් ගැටලුවක් ඇතිවන්නේනම් එය නොපමාව ඉදිරිපත් කර සහනක් ලබාගැනීමට දැන් විදිමත් වැඩ පිළිවෙලක් කාර්යල තුලම ආරම්භ කර ඇති බවත්, ඒ පිළිබදව නිලධාරින් මෙන්ම මහ ජානතාවත් අවබෝධයෙන් කටයුතු කිරීම සිදුකල යුතු බවය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය අභ්‍යන්තර කටයුතු ඒකකය විවෘත කිරීමේ අවස්තාවට පසුගිය (28) දා එක්වෙමින් ඇය මෙම අදහස් පැවසීය.
රාජ්‍ය ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිලිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම, විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම, සාදාචාරාත්මක පාලනයක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මැදිහත්වීම මත දීපව්‍යාප්තව මෙම ඒකකය පිහිටුවේ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය පරිපාලනය තුළ සිදුවන අකටයුතුකම් අල්ලස් ලබා ගැනීම් හා සම්බන්ධ පැමිණිලි මෙම ඒකකය වෙත ලබා දීමේ හැකියාව පවතී.
ඒ අනුව ලිපි මගින්, කාර්යාලයේ ස්ථාපිත පැමිණිලි පෙට්ටියට දැමීමෙන්, දුරකතන මාර්ගයෙන්, 071-6822232 Whatsapp අංකයෙන්, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්යුත් තැපෑල මඟින්
ඔබේ පැමිණිල්ල ලබා දිමේ හැකියාව පවති.
මෙම අවස්ථාව සඳහා එම ඒකකයේ ප්රධානී සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනිකා කවිසේකර, මහත්මිය ඇතුලු පිරිසක් එකව සිටිහ.
1\
2
3
4