Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

නුවරඑළිය දිස්ත්‍රික්කයේ දරිද්‍රතාව තුරන්කරමින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීම සදහා සෑම ගමකම ග්‍රාමීය සංවර්ධන සැලැස්මක් සකස්කර ප්‍රමුඛතාව අනුව සංවර්ධන කටයුතු සිදු කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසීය
ගම්මැද්ද ගෙයින් ගෙට පර්යේෂණ වර්තා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමිය ට අද (27) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පිළිගැන්වු අවස්ථාවේදී ඇය තව දුරටත් සඳහන් කළේ මෙම පර්යේෂණ වාර්තා ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේදී ප්‍රයෝජනවත් වන බවයි. ඒ සඳහා කටයුතු කළ ගම්මැද්ද කණ්ඩායමට සිය ස්තුතිය පුද කරන බවද අය තවදුරටත් පැවසීය.
2016 වසරේ සිට ගම්මැද්ද ගෙයින් ගෙට පර්යේෂණ වර්තා 7ක් නිකුත් කර ඇති අතර ගෙයින් ගෙට ගොස් ජනතාව හමු වී ඔවුන් මුහුණ දෙන ගැටළු සහ ඔවුන්ගේ ජිවන තත්ත්වයන් පිළිබඳව කරනු ලබන දත්ත රැස්කිරිම ඔස්සේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමග එක්ව මෙම පර්යේෂණ වාර්තා සම්පාදනය කර ඇත.
මෙම වර්තාව තුලින් ශ්‍රී ලාංකීය සමාජ සහ ආර්ථික තත්ත්වය පිලිබඳව විද්‍යාත්මකව පහදයි.
මෙම වාර්තා පරිෂිලනය කිරීමට ලංකාවේ සියලු පුරවැසියන්ට අවස්ථාව ලබාදෙමින් දිවයින පුරා විහිදී ඇති පුස්තකාල වෙත ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ නුවරඑළිය මහා නගර සභා පුස්තකාල ට ලබා දීම ද මෙහිදී සිදු විය.
මෙම අවස්ථාවට ගම්මැද්ද මහ ලේකම් ප්‍රසන්න අතුකෝරළ, ජාතික සංවිධායක උදය වන්නිආරච්ච, නුවරඑළිය මහ නගර සහාවේ මහජන පුස්තකාලයේ පුස්තකාලායාධිපති, ශිරානි මංගලිකා, දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරී ප්‍රභාත් රත්නායක යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්ව සිටිහ.
1
2
3
4
5
6
7