Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

2025/2026 ශ්රී පාද වන්දනා වාරය උඳුවප් පුර පසළොස්වක පෝය යෙදී තිබූ අද දින විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.
ශ්රී පාදස්ථානාධිපති පූජ්ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැල්මඩුල්ල, ගල්පොත්තාවල රජමහා විහාරයේ තැන්පත්කල සධාතුක කරඬුව, සුමන සමන් දේව ප්රතිමාව සහ දේවාභරණ ශ්රී පාද මළුවට වැඩම කරවීමේ පෙරහැර ඊයේ අලුයම සුබ මොහොතින් මාර්ග 4 ක් ඔස්සේ ගමන් ආරම්භ කිරීම සිදුවිය.
හැටන් නල්ලතන්නිය ඔස්සේ පැමිණි ප්රධාන පෙරහැර ගිනිගත්හේන, යටිබේරිය පිහිටි නුවරඑළිය දිස්ත්රික් සීමාවේදී නුවරඑළිය දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්රධානත්වයෙන් පිළිගැනීම සිදුවිය.
තවත් පෙරහැරක් බලංගොඩ, බගවන්තලාව හරහාත් ශ්රී පාද මළුවට ළඟා විය.
මීට අමතරව, රත්නපුර, පලාබද්දල හරහාත් අනෙක් පෙරහැර කුරුවිට, එරත්න හරහාත් ශ්රී පාද මළුවට ළඟා වී තිබේ..
අද අලුයම යෙදුන සුබ මොහොතින් ශ්රී පාද පද්මය දෝවනය කිරීමෙන් පසුව සධාතුක කරඬුව, සමන් දේව ප්රතිමාව සහ දේවාභරණ තැන්පත් කිරීමේන් 2025/ 2026 ශ්රී පාද වන්දනා වාරය ආරම්භ විය. එය 2026 වර්ෂයේ වෙසක් පුන් පොහෝ දිනය දක්වා පැවැත්වේ.
1
2
3
4
5
6
7
8