Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

දිත්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ආපදා තත්ත්වය පිලිබදවත් සහන සැපයීමේ යාන්ත්රනය පිළිබද ප්රගති සමාලෝචන රැස්වීමක් 2026.01.06 වන දින ආරක්ෂක අමාත්යංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ.ජී ධර්මතිලක මහතගේ සහ නුවරඑළිය දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලීය ශ්රවනාගාරයේදී පැවැත්විණ .
ජාතික ආපදා සහන සේවා මධ්යස්ථානය වෙත ලැබෙන විදේශාධාර දිස්ත්රික් ලේකම් ප්රාදේශීය ලේකම්වරු හරහා අදාල ප්රතිලාභීන් වෙත විනිවිද භාවයකින් යුතුව ලබා දීම පිලිබදව මෙහිදී නිලධාරීන් දැනුවත් කල අතර ඒ සියලු තොරතුරු ආරක්ෂක අමාත්යංශය යටතේ පවතින දත්ත පද්ධතිය වෙත ඇතුලත් කල යුතුය.
ආපදාවට පත් ජනතාවගේ ජන ජීවිතය යථාවත් කිරීමට රජය මගින් ලබාදුන් රුපියල් 25000 සහ 50000 දීමනාව සහ පාසල් සිසුන්ට ලබා දෙන 15000 ක දීමනා සම්බන්ධයෙන් ප්රගතිය විමසා බැලීම සිදු කරන ලදී. එසේම පුර්ණ නිවාස හානි සහ අර්ධ නිවාස හානි වලට ගෙවීම් සිදු කරන ආකාරය සම්බන්ධයෙන් නිලධාරී් දැනුම්වත් කල අතර නැවත පදිංචි කිරීම ක්රියාවලියට අදාලව ඉඩම් හදුනා ගැනීම සහ අවශ්ය ප්රතිපාදන වෙන් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කරන ලදී .
මෙම අවස්ථාවට නුවරඑළිය අතිරේක දිස්ත්රික් ලේකම්තුමියන්ලා දෙපල ප්රාදේශීය ලේකම්වරුන් ජාතික ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ
 
1
2
3
4
5