Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

විෂ මත් ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුම" නුවරඑළිය දිස්ත්‍රික් සමාරම්භක උත්සවය ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි මස 11 වනදා පැවැවීමට නියමිත බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

ඔහු සදහන් කලේ මෙම අවස්ථාව සදහා ආගමික නායකයින්, මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, සමාජ ක්‍රියාකාරීන්, මහජන ආරක්ෂක කමිටු සාමාජිකයන් ඇතුළු 5000 ආසන්න පිරිසක් සම්බන්ධ වීමට නියමිත බවත්, විෂ මත් උවදුරට එරෙහිව රට පුරාම ජනතාව ඇතුළු සියලු අ‍ංශ එක් කරමින් අනාගත පරපුර රැක ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වන බවත්ය.

විෂ මත්ද්‍රව්‍ය මුලින් උපුටා දැමිම සදහා වන "රටම එකට ජාතික මෙහෙයුම" වැඩ සටහනේ නුවරඑළිය දිස්ත්‍රික් මෙහෙයුම් සභාව ස්ථාපිත කිරීමේ වැඩ සටහනට අද (06) එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙම වැඩ සටහනේදී දිස්ත්‍රික් මෙහෙයුම් සභාවේ සභාපතිවරයා ලෙස දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා නිල බලයෙන් පත්වු අතර එහි ලේකම් ලෙස දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය නිල බලයෙන් පත්විය.

නුවරඑළිය දිස්ත්‍රික්කය තුල විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමට අදාළව මහ සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් , මහජන ආරක්ෂක කමිටු සාමාජිකයන් සහ

සමාජ ක්‍රියාකාරීන් මෙහිදී අදහස් ඉදිරිපත් කිරීම සිදු කරන ලදී.

1

2

3

4

5

6

7

8