Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

දිට්වා සුලී කුනාටුවෙන් මියගිය පිරිසට පිං පැමිණවීම සහ විපතට පත් පිරිසට සෙත් පැතිම අරමුණු කරගත් ' සමණාභිසක්මන " භික්ෂු පාද චාරිකාව තුන්වන දිනය වන අද (24) දින ස්වාමීන් වහන්සේලා දහවල් දානය සදහා නිල්දණ්ඩාහින්න රූපහා ජනනන්ද මහා විහාරය ට වැඩම කරනු ලැබුහ.

2026 පෙබරවාරි 22 දින හඟුරන්කෙත මාදංවල රජමහා විහාරස්ථානයෙන් භික්ෂූන් වහන්සේලා 50 නමකගේ සහාභාගීත්වයෙන් සක්මනාරම්භය සිදුවු අතර රිකිල්ලගස්කඩ, කරදගොල්ල, පදියපැලැල්ල, කිරවනාඇල්ල හරහා මුංවත්ත පුරාණ විහාරස්ථානයට වැඩම කල මහ සංඝරත්නය එහි රාත්‍රී නවාතැන් ගැනීම සිදු වුහ.

සමණාභිසක්මන දෙවන දිනය වු පෙබරවාරි 23 දින මුංවත්ත පුරාණ විහාරස්ථානයේ සිට

නාරංතලාව, කුඹල්ගමුව, වලපනේ, එගොඩකන්ද හරහා නිල්දන්ඩාහින්න ශ්‍රී අභිනවාරාමයට වැඩම කර රාත්‍රී නවාතැන් ගැනීම සිදු වූහ.

අද දින (24) නිල්දන්ඩාහින්න ශ්‍රී අභිනවාරාමයෙන් තෙවන දින ආරම්භ කල පාද චාරිකාව ඉලුක්කුඹුර, කොටඹේ හරහා රූපහා ජනනන්ද මහා විහාරයට වැඩමකර එහිදී දහවල් දානය ලබා ගැනීම සිදුවූ අතර ධර්ම දේශනාවක් පවත්වා මිය ගිය අයට පිං පැමිණ වීම සිදු වූහ.

අඹලියද්ද හරහා ගල්කඩපන ශ්‍රී සුදර්ශනාරාමයට වැඩම කල මහ සංඝරත්නය අද රාත්‍රී එහි වැඩ වසය කිරීම සිදු විය.

හෙට සිට පෙබරවාරි 28 දක්වා පුරා දින හතරක් දිට්වා සුලි කුනාටුවෙන් විනාශ වූ ප්‍රදේශ හරහා බදුල්ල ට වැඩම කර මුතියන්ගන රාජ මහා විහාරස්ථානයෙන් මෙම පිං පැමිණ වීමෙ පිංකම නිමා කිරීමට නියමිතය.

1

2

3

3

5

6

7

8

9

10