නුවරඑළිය ග්‍රෙගරි වැවේ ඉස්සන් පසුකීටයන් ලක්ශයක ප්‍රමාණයක් තැන්පත් කිරීම ට නුවරඑළිය දිස්ත්‍රික් ජාතික ජලජීවී වගා සංවර්ධන අංශය කටයුතු කර තිබේ.
මධ්‍යම පළාත් සභා ප්‍රතිපාදන මත ක්‍රියාත්මක මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ කහඳමෝදර යෝධ මිරිදිය ඉස්සන් අභිජනන මධ්‍යස්ථානයෙන් ඉස්සන් පසුකීටයන් ලබාගැනීම සිදු කර ඇත.
ග්‍රෙගරි වැව තුල ස්වාභාවික විලෝපිකයන් අවම වීමත්, ජලාශ පතුලේ ඉස්සන්ට සුදුසු ස්වාභාවික ආහාර බහුලව පැවතීමත් වැනි කරුණු මත ක්‍රියාත්මක මෙම වැඩසටහන ග්‍රෙගරි වැවේ සිදු කරන පලමු අවස්තාව මෙය වේ.
මෙම වැඩසටහනින් ප්‍රදේශයේ ඇති සංචාරක හෝටල් වලට අවශ්‍ය ඉස්සන් සෘජුවම අළෙවිකිරීමට අපේක්ෂා කෙරේ.

















