නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 මර්ධනයට විශේෂ මෙහෙයුම් ඒකකයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාළයේදි ආරම්භ කිරීම දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 18) දින සිදුවිය.
රට තුල ඇතිවී තිබෙන කොවිඞ් 19 වෛරසය සීග්‍ර ලෙස ව්‍යාප්තවීමේ අවධානම හමුවේ වෛරසය ආසාදනය විම පාලනය කිරීම, සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ සම්බන්ධිකරණය, අත්‍යවශ්‍ය සේවා සම්බන්ධිකරණය කිරීම, ජාතික කොරෝණා මර්ධන මධ්‍යස්ථානය සමග සම්බන්ධව කටයුතු කිරීම මෙහිදි සිදු කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් පි.ඒ්. සරත්චන්ද්‍ර, සහකාර දිස්ත්‍රික් ලේකම් ශාලිකා ලිඳකුඹුර යන මහත්ම මහත්මින් පිරිසක් එක්ව සිටිහ.














