පුවත් සහ සිදුවීම්

ඉදිරියේ දි ඇතිවීමට නීයමිත ඊසාන දිග මෝසම් වර්ෂාව හේතුවෙන් සිදුවිය හැකි ආපදා අවම කර ගැනිම සඳහා සෑම දෙනාම අවධානයෙන් කටයුතු කරන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසීය.
දිස්ත්‍රික් ලේකම් වරයා සඳහන් කලේ යම් ආපදාවක් සිදුවුවහෙත් පවතින වසංගත තත්වය හමුවේ එය කළමණාකරණය කරගනිමින් ඊට සාර්තකව මුණ දීම ට අවශ්‍ය සැළසුම් සකස්කරගත යුතු බවය.
දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලීය ආශ්චර්ය ශාලාවේදී අද (26) දින පැවැති දිස්ත්‍රික් අපදා කළමනාකරණ කමිටුව අමතමින් දිස්ත්‍රික් ලේකම් වරයා මෙම අදහස් පැවසීය.
ඉදිරියේ දි ඇතිවීමට නීයමිත ඊසාන දිග මෝසම් වර්ෂාව සඳහා ආපදා ප්‍රතිචාර දැක්වීමේ සැලස්ම ඉදිරිපත් කිරීම වෙනුවෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒ්කකය මගින් මෙය සංවිධානය කර තිබිණි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, වලපනේ සහ හගුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා ඊසාන දිග මෝසම් වර්ෂාව බලපාන අතර එමගින් සිදුවිය හැකි ආපදා අවම කරගැනීම සහ ආපදාවක් සිදුවීමේදි ඊට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම පිළිබඳව මෙහිදි දිර්ඝව සාකච්ඡාවට බදුන් විය.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජිවා බෝධිමාන්න, දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒ්කකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහාකෝන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, අතුළු පිරිසක් සහභාගි වුහ.

247189840 852189248811199 7619627812331093175 n 247996579 852189332144524 4790323874477954624 n 247478558 852189575477833 1622045348943706426 n 247508517 852189402144517 8013081705195862623 n