ශ්‍රීලංකාවේ ආර්ථික සංවර්ධනයෙහි ලා විදේශ රැකියා ක්ෂේත්රයේ දායකත්වය අතිමහත්ය. පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් යම් පසුබෑමකට ලක්ව ඇති මෙම ක්ෂේත්රය ග්‍රාමීය මට්ටමෙන් ප්‍රචලිත කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය ආරම්හ කර ඇත. එහි එක් වැඩසටහනක් විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතගේ ප්‍රධානත්වයෙන් 2021.12.09 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.
තරුණ තරුණියන් නිසි පුහුණුවක් මගින් විදේශ රැකියා සදහා යොමු කිරීමේ ක්‍රමවේදයක් ග්‍රාමීය මට්ටමෙන් සැකසීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් එම ක්‍රියාවලිය ඇරඹීම පිලිබදවද මෙහිදී පුළුල්ව සාකච්ඡා කරන ලදී. රැකියා සොයන තරුණ තරුණියන්ට විදෙස් රැකියා සපයන ආයතන සම්බන්ධ කර ගනිමින් රැකියා පොලක් පැවැත්වීමටද මෙහිදී යෝජනා විය.
මෙම අවස්ථවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ බෝධිමන්න මහත්මිය,විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යාංශයේ ජෙයෂ්ඨ කළමනාකාර රසික ජයසිංහ මහතා.සහකාර දිස්ත්‍රික් ලේකම් තුමිය,ප්‍රාදේශීය ලේකම්තුමන්ලා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.













