පුවත් සහ සිදුවීම්

තිරසාර පුණ්‍යග්‍රාම වැඩසටහන යටතේ ක්‍රියාත්මක ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ සම්පත් දායකයින් ලෙස මුස්ලිම් ආගමික මවුලවිතුමන්ලා දායක කර ගැනීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ විෂය පිලිබදව දැනුම ලබාදීමේ පුහුණු වැඩමුළුවක් 2022/01/26 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුස්ලිම් ආගමික මවුලවිතුමන්ලා සහභාගී වූ මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය සිදුකලේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ සම්බන්ධිකාරක නලින් රමේෂ් අමරසිංහ මහතා විසිනි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) විජිතා මායාදුන්න මහත්මිය, දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සංවර්ධන නිලධාරී මාකදුරේ රතන ස්වාමින්වහන්සේ ඇතුළු පිරිසක් සහභාගී වුහ.

272753184 238548321775165 8131792890010093272 n

272675972 238548348441829 5565128830065749075 n

272260756 238548221775175 635467694456225115 n

272046805 238548245108506 9200968864635922181 n

271994923 238548295108501 8921883567821063521 n

271887112 238548268441837 6439253268412017244 n