නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් හක්ගල ගොරඩිහෙළ ග්‍රාම සේවා වසමේ ඉදිකළ DAZZLE ප්‍රජා වෙළද මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ සහ ACTED ආයතනයේ ඉන්දීය, ශ්‍රීලංකා අධ්‍යක්ෂ Owen Swann මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.03.29 වන දින හක්ගල ගොරඩිහෙළ වසමේදී සිදු කෙරිණ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෙසෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම වෙනුවෙන් යුරෝපා සංගමයේ ආධාර යටතේ ක්‍රියාත්මක ACTED, HI,CEFENET,FIOH ආයතන මගින් විවිධ ව්‍යාපෘති ක්‍රියාවට නංවයි. ඒ යටතේ හක්ගල උද්භිත උද්‍යානය අසල ඉදිකළ මෙම ප්‍රජා වෙළඳ මධ්‍යස්ථානය එම ප්‍රදේශයේ වෙසෙන සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තමන්ගේ නිෂ්පාදන අලෙවි කරගැනීම සදහා භාවිතා කල හැක.
නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම වෙළද මධ්‍යස්ථානයේ පළමු මහල කුටි 4 නුවරඑළිය ගොවිජන සේවා දිස්ත්‍රික් කාර්යාලය, වනිතා කටයුතු හා සමාජ සේවා අංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (නුවරඑළිය) ,කෘෂිකර්ම දෙපාර්තමේන්තුව -හාවාඑළිය, සමෘද්ධි අංශය -ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (නුවරඑළිය) ට හා ඉහල මහලේ කුටි දෙක ගොරඩිහෙළ වසමේ සංවර්ධන නිලධාරී වෙත භාර දී ඇත.
මෙම ව්‍යාපෘතිය සදහා වැයකළ මුළු මුදල රුපියල් මිලියන 18.02 කි
මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් විදුර සම්පත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්. යුරෝපා සංගමයේ නියෝජිත මහත්ම මහත්මීන් ප්‍රදේශයේ ජනතාව ඇතුළු පිරිසක් සහභාගී වුහ.



















