පුවත් සහ සිදුවීම්

නුවරඑළිය ප්‍රදේශයේ වගා කරන එළවළු,පලතුරු සහ මල් වර්ග නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ දක්වා දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් වු සාකඡාවක් නුවරඑළිය නගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතාගේ සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ දී පැවැත්විණ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කල අතුරු අයවැයෙන් හාලිඇල සිට කොළඹ දක්වා දුම්රියෙන් එලවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කරන ලදි. ඒ යටතේ නුවරඑළියේ එලවළු නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ ඇතුළු වෙනත් පලාත් වලට ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් මෙහිදී මූලිකව සාකච්ඡා සිදු කරන ලදි.
මෙම අවස්තාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ.බෝධිමාන්න මහත්මිය, නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් විදුර සම්පත් මහතා ,නානුඔය
දුම්රිය ස්ථානාධිපතිතුමන්, සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපතිතුමන්, ඩේවිඩ් පීරිස් ලොජිස්ටික් ආයතනයේ නිලධාරීන් ,නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදමහතුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

310586880 413449257618403 6044019824879001611 n

310137073 413449317618397 4375196067129709889 n

310128213 413449307618398 7055706680655172573 n

309523772 413449270951735 5588896445239598751 n