නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් ගලබොඩ ග්‍රාම නිලධාරී වසමේ වගා කිරීම සදහා කෝපි පැල සහ බිජ නොමිලයේ
ලබා දීමේ වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගලබොඩ ප්‍රදේශයේදී පැවැත්විණ.
ජපානයේ කියෝතෝ ආයතනයේ පූර්ණ අනුග්‍රහය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර ගලබොඩ ග්‍රාම සේවා බලප්‍රදේශයේ වගා කිරීම සදහා කෝපි පැල 30000ක් නොමිලයේ ලබාදීම ඔවුන්ගේ අරමුණයි. එය සංකේතවත් කරමින් ප්‍රදේශයේ රෝපණය කිරීම සදහා කෝපි පැල සහ බීජ ලබාදීම මෙහිදී සිදුකෙරිණ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ මගපෙන්වීම මත දිස්ත්‍රික්කයේ කෝපි වැටිය නැවත බලගැන්වීමේ ව්‍යාපෘතිය දිස්ත්‍රික්තයේ ග්‍රාම සේවා වසම් රැසක සාර්ථකව ක්‍රියාත්මක වේ.
මෙම අවස්ථාවට වලපනේ ප්‍රාදේශීය ලේකම් ශාලිකා ළිදකුඹුර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වුහ.










