පුවත් සහ සිදුවීම්

ලෝක පරිසර දිනය සමරා නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිත භුමියෙ රුක් රෝපණ වැඩසටහනක් අද (05) දින පැවැත්වීනි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදෙස් පරිදි සංවිධාන කල මෙම වැඩසටහන නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් සහ නාගරික කොමසාරිස් සුජිවා බෝධිමාන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීනි.
එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන යටතේ සෑම වසරකම ජූනි 05 වන දින “ ලෝක පරිසර දිනය ” ලෙස නම් කර සමරනු ලබයි. මෙවර එහි තේමාව වන්නේ “ ප්ලාස්ටික් දූෂණයට විසඳුම් - Solutions to Plastic Pollution ” යන්නයි.
ඒ අනුව ලෝක පරිසර දිනය සැමරීම සඳහා සිදු කරන ජාතික වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන පවත්වන ලදී.
මෙම වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහ නගර සභාව, මධ්‍යම පරිසර අධිකාරියේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වන ජීවි සහ වන සංරක්ෂණ ඇතුළු රාජ්‍ය ආයතන එක්ව සංවිධානය කර තිබූණි.

351154113 2343940892472039 7628622494516832405 n351174904 1002568967414504 5290757116126738524 n351194639 169271982571298 9069985590064373890 n351302992 1945335822659708 5443228362116431994 n351318191 235201682549568 4034693851431053739 n351327798 263069359630807 8711808921005628138 n351363908 1312992919643905 2513980939606767910 n351371167 1707368486374991 5447727184950998804 n351461500 1599895210505851 4855612509686249357 n352075793 245877178051793 832862992840710012 n352229779 261725563194683 5176427462750226907 n