2022/2023 වර්ෂ වල නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කර විශ්‍රාම ගිය සහ ස්ථාන මාරුවීම් ලැබ ගිය නිලධාරීන් ඇගයීමේ වැඩසටහනක් පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ.
මෙම වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුභසාධක සංගමය මගින් සංවිධාන කර තිබූ අතර එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) දිනිකා කවිසේකර මහත්මිය, පරිපාලන නිලධාරී පුණ්‍යා සුරවීර මහත්මිය ඇතුළු මාණ්ඩලික නිලධාරීන්,සුභ සාධක සංගමයේ නිලධාරී මඩුල්ල ඇතුලු පිරිසක් සහභාගී වූහ.
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
















