2026 මැයි මස 27 දින සිට ජූනි මස 02 දින දක්වා පැවැත්වෙන වෙසක් සතිය වෙනුවෙන් 2570 වන සම්බුදු තෙමගුල සිහිපත් සිහිපත් කරමින් සහ දිට්වා විපතට මාස 6 ක් ගතවීම මුල්කරගන මියගිය අයට පිං පැමිණිම වෙනුවෙන් සංවිධානය කල පිං කම් රැසක් අද (27) නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ මගපෙන්වීම මත කාර්යාලීය නිලධාරින් විසින් සංවිධානය කළ මෙම පිං කම සදහා ධර්ම දේශනාවක්, දහතුන්නමක් විෂයෙහි සංඝික දානය සහ පිරිකර පූජා කිරිම සහ සෙත් පිරිත් දේශනයක් පැවැත්වීම සිදු විය.
අනතුරුව දිස්ත්රික් ලේකම් කාර්යාලයේ සියළුම නිළධාරින් වෙත දහවල් ආහාර ලබාදීමද මෙහිදී සිදුකෙරිණ


















