පුවත් සහ සිදුවීම්

දිට්වා සුලි කුණාටුවෙන් අර්ධහානි වු අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 20 ක් සදහා නිවාස ඉදිකිරීමේ පලමු වාරිකය වන රුපියල් ලක්ෂ තුනක මුදල් චෙක්පත් ප්‍රධානය කිරිම පසුගිය දා අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ දී සිදුවිය.
ඒ නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන්.
දිට්වා සුළි කුණාටුවෙන් අපදාවට ලක් වු ජන ජිවිතය නැවත නඟා සිටුවීමේ රජයේ වැඩ පිළිවෙළට සමගාමිව මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අපදාවට ලක් වී අර්ධ හානි වූ නිවාස ප්‍රතිසංස්කරණ සදහා රුපියල් ලක්ෂ පහක මුදල් ආධාරයක් ලබාදිම ට නියමිත අතර එහි පලමු වාරිකය ලෙස එක් නිවාසයක් සදහා රුපියල් ලක්ෂ තුන බැගින් මුදල් චෙක්පත් ලබාදිම මෙහිදී සිදු විය.
මෙ අවස්තාවට අඹගමුව ප්‍රාදේශීය ලේකම් චමිල ජයසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටිහ.
 
1
2
3
4
5