ජාතික සුපිළිපන් සතියට සමගාමීව දූෂණයෙන් තොර රටක් බිහි කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද සුපිළිපන් පාගමන අද ( 28) පෙරවරුවේ නුවරඑළිය නගරයේ දි පැවැත්විණි.
සුපිළිපන් සතියට සමගාමිව දෙවන දිනය වන අද දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මෙම පාගමන් ක්‍රියාත්මක විය.
එයට සමගාමිව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය මගපෙන්වීම මත නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය අභ්‍යන්තර කටයුතු ඒකකය මගින් සංවිධානය කල මෙම පාගමන උදෑසන 9.00 නුවරඑළිය ඔරලෝසු කනුව අසලින් ආරම්භ වි නගරය හරහා ගොස් සිනිසිටා නගර ශාලාවේ දි දැනුවත් කිරිමේ රැස්වීමක් පවත්වන ලදි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහ නාගර සභාව, තරුණ සේවා සභාව, පොලිසිය, ත්‍රිවිධ හමුදාව ඇතුළු දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරි ඇතුළු 550 කට වැඩි පිරිසක් සහභාගී වුහ.
මෙයට සමගාමිව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරින් විසින් සුපිළිපන් රාජ්‍ය සේවාවක් තේමා කරගත් වීදී නාට්‍යයක් රග දැක්වීමද සිදුවිණි.




















