නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්ධනය ට සහය දුන් සැමට ස්තුතියි.
-------------------------------------------------------------------------------------------
- නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ පැවසීය.


සෞඛ්‍ය අංශ සමග සම්බන්දව අනිකුත් ආයතන සිදුකල සේවාව හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අද වන විට කොවිඩ් රෝගින් වාර්තා වීම අඩු මට්ටමක පවතින බවත්, මෙම රෝගය මර්ධනය කිරීම සඳහා එන්නත්කරනය ඇතුළු කටයුතු සාර්තක කරගැනීමට සහය දුන් සැමට සිය ස්තුතිය පුද කරන බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ පැවසීය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලීය ආශ්චර්ය ශාලාවේදී පසුගිය දා පැවැති දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වීම වැලැක්වීමේ දිස්ත්‍රික් කමිටුවට එක්වෙමින් දිස්ත්‍රික් ලේකම් වරයා මෙම අදහස් පැවසීය.
දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්ධන එන්නත්කරන වැඩ සටහන සාර්තකව සිදුකර ඇති බවත්, පාසල් ළමුන් සහ වයස අවුරුදු 20 අඩු ජනගහනය එන්නත්කරනය ඉදිරියේ ලැබෙන උපදෙස් පරිදි සිදු කරණ බවත් මෙහිදි අනාවරණය විය.
මෙම අවස්ථාවට නුවරඑළිය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්. මනතුංග මහතා ප්‍රමුඛ සෞඛ්‍ය අංශ නිලධාරින්, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු, රාජ්‍ය ආයතන ප්‍රධානින්, ආරක්ෂක අංශ ප්‍රධානින්, ඇතුළු පිරිසක් එක්ව සිටිහ.
- දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - නුවරඑළිය







