නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ග්‍රාමීය මට්ටමින් ආහාර සංචිත 500 ඇති කිරීමේ වැඩසටහනට සමගාමිව හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ සමාරම්භක උත්සවය සහ ආහාර සුරක්ෂිතතාගාරය විවෘත කිරිම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (05) දා හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විය.
දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ යෝජනාවක් මත ක්‍රියාත්මක මෙම වැඩසටහාන යටතේ දිස්ත්‍රිකකයේ සෑම ග්‍රාම සේවා වසමකම ආහාර සුරක්ෂිතාගාර ඇති කිරීමට නියමිතය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් මෙහෙයවන මෙම වැඩාසටහන යටතේ වියළි ආහාර සංචිතයක්, කල්තබාගත හැකි ආහාර එකතුවක් බීජ,දඬු,පැළ හුවමාරුව කිරීම, ගෙවත්තක්, සතිපොළ, අඩු වියදම් පෝෂණීය ආහාර සැකසීම ඇතුලු කටයුතු සිදු කිරීමට නියමිතය.
මීට සමගාමීව ගැබිනි මව්වරුන් සහ අඩු ආදායම්ලාභීන් සදහා වියලි ආහර ද්‍රව්‍ය මලු බෙදා දීමේ වැඩසටහනක්ද සිදු විය.
මහා සංගරත්නයේ ආශිර්වාද මධ්‍යෙය් පැවැති මෙම අවස්ථාවට හගුරන්කෙත ප්‍රාදේශිය ලේකම් අයි.එම්. සේනානායක මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිහ.

















