අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසය හිටපු සභාපති හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන මුත්තු සිවලිංගම් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද නුවරඑලිය මහ නගර සභා පොදු සුසාන භුමියේදි මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුවිණි.
ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු ජ්‍යෙෂ්ඨ සභාපතිවරයෙකු සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන මුත්තු සිවලිංගම් මහතා ඊයේ දිනයේදී අභවප්‍රාප්ත විය.
වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු ලෙස දේශපාලනයට පිවිසි ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ ආර්ථික සංවර්ධන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලන ආණ්ඩුව සමයේ ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ධුරය මුත්තු සිවලිංගම් මහතා විසින් දරා තිබෙනවා.











