නුවරඑළිය දිස්ත්රික් රාජ්ය නොවන සංවිධාන සම්බන්ධීකරණ කමිටු රැස්වීම,රාජ්ය නොවන සංවිධාන ජාතික මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න මහතාගේ ප්රධානත්වයෙන් 2023/08/16 වන දින නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේදී පැවැත්විණ. නුවරඑළිය දිස්ත්රික්කයේ ක්රියාත්මක වන රාජ්ය නොවන සංවිධාන වල 2023වර්ෂයේ දෙවන කාර්තුවේ ප්රගතිය සොයා බැලීම සහ 2023වර්ෂයේ දැනට ක්රියාත්මක සහ ඉදිරියේ ක්රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් පිළිබදව සාකච්ඡා කිරීම මෙම රැස්වීමේදී මූලිකවම සිදුකෙරිණ. මෙම අවස්ථාවට අතිරේක දිස්ත්රික් ලේකම් එස්.පී.කේ බෝධිමාන්න මහත්මිය, රාජ්ය නොවන සංවිධාන සම්බන්ධීකාරක නිලංග මංජු ශ්රී මහතා ඇතුළු රාජ්ය නිලධාරීන් පිරිසක් සහ රාජ්ය නොවන සංවිධාන වල නියෝජිතයන් පිරිසක් සහභාගී වුහ.












