නුවරලිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රගති සමාලෝචන රැස්වීම දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මෙහිදී එක් එක් සංවිධාන විසින් 2023 වර්ෂයේදී සිදු කළ කාර්යයන් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීම සිදුවිය.
නුවරඑළිය දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ අංශය මගින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිනීකා කවි සේකර මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය නුවරඑළිය.









